ලින්ක් නැචුරල් වෙතින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට නවතම ශාකෞෂධීය නිෂ්පාදනයක්

64

ලින්ක් නැචුරල් සමාගම විසින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඒ ආශ්‍රිත දැඩි පීඩාකාරී වේදනාවන්ට ඉක්මන් සහනයක් ගෙන දෙන අද්විතීය ශාකෞෂධීය ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් ආලේපනය පසුගියදා හඳුන්වාදෙන ලදී.

වසර 04 ක් පුරා සිදු කරන ලද පුළුල් පර්යේෂණ පදනම් කරගනිමින් නිෂ්පාදනය කරන ලද මස්පිඬු පෙරළීම් වැළැක්වීම සඳහා අසමසම ශාකෞෂධීය නිපැයුමකි.

නවීන විද්‍යාව සමග ආයුර්වේදීය දැනුම මුසුකරමින් නව නිෂ්පාදන වැඩි දියුණු කරන ලින්ක් නැචුරල් සතු ප්‍රවීණත්වයේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයකි. මෙම නව නිපැයුම, ලින්ක් නැචුරල් සමාගම සතු වේදනාවන්ට සහනය දෙන ශාකෞෂධීය නිෂ්පාදන පෙළ තවදුරටත් ශක්තිමත් කරයි.

ලින්ක් නැචුරල් මසල්ගාඩ් මාංශ පේශී සහ සන්ධිගත වේදනාවලට ඉක්මන් සහනය ලබා දෙන, මාංශ පේශී පෝෂණය කර ශක්තිමත් කිරීම සඳහා පිළියමකි.

ක්‍රෑම්ප්ගාඩ් ප්ලස්, සඳහා ආයුර්වේදයේ ප්‍රත්‍යක්ෂ ප්‍රබල ශාකෞෂධීය අමුද්‍රව්‍ය යොදා ගැනීම හේතුවෙන් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඊට ඉක්මන් සහනයක් ලබා දීමට හැකිය. ප්‍රතිප්‍රදාහක (Anti-inflammatory), ප්‍රතිභ්‍රාස්‍යය (Anti-spasmodic), මාංශ පේශීවල තෙහෙට්ටුව මඟ හරවන (Anti-fatigue), ප්‍රතිඔක්සිකාරක (Antioxidant), වේදනා නාශක (Analgesic), සහ ස්නායු ආරක්ශක (Neuroprotective) යන ගුණයන්ගෙන් සමන්විත ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් නිවසේ, ව්‍යායාම මධ්‍යස්ථානයේ, ක්‍රීඩා කටයුතුවලදී හෝ ගමන් බිමන්වලදී ඔබගේ ප්‍රථමාධාර ආම්පන්න අතරට එකතු කර ගත හැකි ප්‍රයෝජනවත් ආලේපනයක් වනු ඇත. එය භාවිත කිරීම මගින් මස්පිඬු පෙරළීමට මුහුණ දෙන පුද්ගලයින්ට වඩාත් සුව පහසු දිවියක් ගත කිරීමට ඉඩ සලසා දෙනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment