ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය 2021 Star Awards උළෙලේ දී සිය විකුණුම් බලකායේ විශිෂ්ට ජයග්‍රහණ අගයයි

47

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණකරු, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) විසින් 2021 වසරේ විශිෂ්ටතම ජයග්‍රහණ අත්කර ගත් අලෙවි නියෝජිතයන් පැවැති වසරේ දැවැන්තම SLIC උත්සවය වන Star Awards – 2021 උළෙලේ දී ඇගයීමට ලක් කරන ලදී.

ජීවිත, රථවාහන සහ රථවාහන නොවන යන කාණ්ඩ නියෝජනය කරන 400 අධික ජයග්‍රාහකයින් පිරිසක් ඒ ඒ ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම විකුණුම්කරුවන්, කාණ්ඩයම් නායකයින්, සමූහ නායකයින් සහ ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ විශිෂ්ටතම රක්ෂණ උපදේශකයින් යන නාමයන් යටතේ පිළිගැනීමට ලක් කරන ලදි.

සමස්ත ලංකා විශිෂ්ටතම ශාඛා කළමනාකරු (ජීවිත) – කේ. එම්. පී. බී. කුලතුංග මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම ශාඛා කළමනාකරු (සාමාන්‍ය රක්ෂණ) – ටී. අනුරසිරි මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු (ජීවිත) – නිමල් පී. ලියනගේ මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු (සාමාන්‍ය රක්ෂණ) – රංජිත් හේවාපතිරණ මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම ජීවිත රක්ෂණ උපදේශක/ MDRT – Top of the Table (TOT) සාමාජික – එම්. එම්. එස්. කේ. නවරත්න මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම කණ්ඩායම් නායක – ආර්. එම්. ඒ. පී. කේ. රණසිංහ මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම සමූහ නායක – ඩබ්ලියු. ජී. ටී. කුමාර මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම රථවාහන රක්ෂණ උපදේශක – ඊ. එස්. ප්‍රනාන්දු මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම රථවාහන නොවන රක්ෂණ උපදේශක – යූ. ජී. සමන් මහතා, සමස්ත ලංකා විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ උපදේශක – එම්. එන්. ගුණතිලක මහතා සහ සමස්ත ලංකා විශිෂ්ටතම රථවාහන රක්ෂණ උපදේශක අඛණ්ඩ සම්මානය (Consecutive Award) – ඊ. එස්. ප්‍රනාන්දු මහතා ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රාහණ සහ කැපවීම වෙනුවෙන් මෙම උළෙලේ දී ඇගයීමට ලක් වන ලදි.

මෙම උළෙල සඳහා සභාපති, අධ්‍යක්ෂක මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනයේ කළමනාකරණය ඇතුළුව SLIC සේවක මණ්ඩලයේ 450 අධික පිරිසක් සහභාගී වන ලදී. මෙම උළෙලේ දී Achiever’s club, Platinum Star club සහ Platinum Club හි සාමාජිකයින්ටද උපහාර පිරිනැමුණු අතර MDRT (Million Dollar Round Table) සඳහා තේරුණු සාමාජිකයින් 182 සඳහාද සම්මාන පිරිනමන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment