කොමර්ෂල් බැංකුව විසින් කළමනාකරණ සංවර්ධන වැඩසටහනක් පවත්වයි

59

ව්‍යාපාර පරිණාමය සහ ඩිජිටල් තාක්ෂණයේ බලපෑම් සඳහා නව ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීම උදෙසා, කොමර්ෂල් බැංකුවේ නායකත්ව සූදානම් සංසදයේ දෙවන අදියරෙහි අවධානය යොමු කරන ලදී.

එය දැනට ක්‍රියාත්මක වන බැංකුවේ මධ්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහනේ උක් අංගයකි. බැංකුවේ මධ්‍යම කළමනාකාරිත්වයේ සාමාජිකයින් 140කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, තවත් 100ක පිරිසක් අන්තර්ජාලය හරහා සහභාගී වූහ.

ඩිජිටල් තාක්ෂණය වර්ධනයේ බලපෑම් අවබෝධ කර ගැනීම, නව නායකත්ව ආදර්ශය වැළඳ ගැනීම, ඔරොත්තු දෙන සහ අනාගතයට සූදානම් සංවිධානයක් ගොඩනැඟීම, ඩිජිටල් කුසලතා පෝෂණය කිරීම, අභියෝග ජය ගැනීම සහ අවස්ථා අත්පත්කර ගැනීම වැනි මාතෘකා පිළිබඳ මෙහිදී ආවරණය කරන ලදී. මෙම අවස්ථාවට ලබාදී ඇති වැදගත්කම අවධාරණය කරමින්, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතාද, බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment