දේශීය කොටස් එකතු කර මෙරටදී නිපදවූ බජාජ් ඩිස්කවර් 125 යතුරු පදිය වෙළෙඳපොළට හඳුන්වාදෙයි

107

ශ්‍රී ලංකාවේ ඔටෝමොබයිල් නිෂ්පාදන/එකලස් කිරීමේ සහ ඔටෝමොබයිල් උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයට රජය සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ දේශීයව අගය එකතු කරමින් මෙරටදීම නිෂ්පාදනය කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ඩිස්කවර් 125 යතුරුපැදිය ඩේවිඩ් සීරිස් මෝටර් නම්පැනි (ප්‍රයිවට) ලිමිටඩ් විසින් මෙරට වෙළෙදපොළට හදුන්වා දුන්නේය.

125 CC‍‍ කාණ්ඩයේ වඩාත්ම සුවිශේෂී හැඩයෙන්, ක්‍රියාකාරිත්වයෙන් සහ ඉන්ධන පිරිමැස්මෙන් යුතු මෝටර් සයිකලය වන බජාජ් ඩිස්කවර් 125 භාවිතා කරන්නන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් මෙරට තුළ මේ වන විටත් සිටින අතර ශ්‍රී ලංකාව තුළ මෙම මෝටර් සයිකලය නොමැකෙන නමක් තබා පාරිභෝගික විශ්වාසය ඉහළින්ම තහවුරු කර ඇත.

වැඩි දියුණු කරන ලද නව බජාජ් ඩිස්කවර් 125 මෝටර් සයිකලය නව අංගය රැසකින් යුක්ත‌ වේ. ඒ අතර ඉදිරිපස සහ පසුපස රෝද දෙකටම සමබරව ක්‍රියාත්මක වන ඇන්ටි ස්කිඩ් (කොම්බි) බ්‍රේක් පද්ධතිය, මතුපිට ලිස්සා යාම වළක්වමින් Grip සහිතව නිෂ්පාදනය කර ඇති සීට් එක, ගමන පහසු කරවන වේග 05 ගියර් පද්ධතිය සමග ඩිජිටල් ගියර් ඉන්ඩිකේටරය, DRL හෙඩ්ලයිට්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රැසක් වේ.

නිල්, රතු සහ කොළ, කළු වර්ණ සමග මිශ්‍රවූ’නව වර්ණ රටා තුනකින් ලබාගත හැකි නව ඩිස්කවර් 125 මෝටර් සයිකලයේ ඇලෝයි වීල් ඒ හා සමාන වර්ණ යෙදූ’ස්ටිකර් මගින් තවත් අලංකාර කර ඇත.

ඡායාරූපය- ජුඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment