සුළං විදුලි ව්‍යාපෘතිය අදානිට දෙන්න මෝදි බලපෑම්  කළේ නෑ – අගමැති රනිල් කියයි

289

මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට භාරදීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිවරයාට හෝ තමාට කිසිදු ප්‍රකාශයක් හෝ බලපෑමක් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14දා) පැවැසීය.

මෙම ව්‍යාපෘතිය අදානි සමාගමට පවරා ඇත්තේ යෝජනා රැසක් සැලකිල්ලට ගෙන බවත්, මෙය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස අදාළ අමාත්‍යාංශයේ එකඟතාවෙන් සිදුවූවක් බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

මෙය හුදෙක්ම අදාළ ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා ශ්‍රී ලංකාවට ලබාගත හැකි ඵලදායිතාව ගැන සලකා ස්වාධීනව ගත් තීරණයක් බවද අගමැතිවරයා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment