කුරුනෑගල නගරාධිපති ගෙදර යවයි

738

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ධූරයෙන් ඉවත් කර තිබේ .ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමිනි.
එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩය.
එම ගැසට් පත්‍රයට අනුව , කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහ නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස ධූරයෙන් ඉවත් කර තිබේ .
2022 වසරේ දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව ආණ්ඩුකාරවරයා අදාළ ගැසට් පත්‍රයේ සඳහන් කර තිබේ .
නගරාධිපති ධූරයේ රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා තිබේ.

කුරුනෑගල නගරාධිපති ගෙදර යවයි
advertistmentadvertistment
advertistmentadvertistment