පිරමීඩ මඩින්න විජයදාස පෙරට එයි

176

රටපුරා පැතිරී ඇති පිරමීඩ යෝජනා ක්‍රමවලට එරෙහිව ශක්තිමත්ව ක්‍රියා කළ හැකි අංගසම්පූර්ණ නව නීතියක් හඳුන්වා දෙන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (20දා) මුදල් අමාත්‍යාංශයේදී පැවසීය.

එම නීතිය සම්පාදනය කිරීම සඳහා තමා කමිටුවක් පත්කර ඇති බවද අධිකරණ ඇමැතිවරයා කීවේය.

දැනට පිරමීඩ යෝජනා ක්‍රමවලට එරෙහිව ක්‍රියාත්මකවීම සඳහා ප්‍රමාණවත් නීතියක් රටේ නැති බවද අධිකරණ ඇමැතිවරයා කියා සිටියේය.

පිරමීඩ ජාවාරම මැඬලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලයේ නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බව ද මේ පිරමීඩ කියන දේ දශක ගණනාවක් තිස්සේ මේ රටේ තිබුණ බව ද අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20දා) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයකදීය.

අප පැමිණිලි කළාට පසු මහ බැංකුව යම් පියවරක් අරන් තිබෙනවා. ඒ අනුව යම් ගිණුම් තහනම් කරලා තිබෙනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඉදිරියේදී මම සඳහන් කළ කමිටුවෙන් අදාළ නීති කෙටුම්පත ලැබුණු පසු ඒ නීතියත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාද කතා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment