අධිවේගී මාර්ගවල 23දා ආදායම කෝටි 5 පනී

81

අධිවේගී මාර්ගවල පසුගිය 23 වැනිදා දිනයේ පමණක් රුපියල් කෝටි පහ ඉක්මවා ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. වීරකෝන් මහතා පවසයි.

එය සාමාන්‍ය දිනකට වඩා සියයට 40 ක වර්ධනයක් බව ද ඒ මහතා පවසයි.

දෙසැම්බර් 22 වැනිදා අධිවේගී මාර්ගවල වාහන 140,791 ක් පමණ ගමන් කර ඇති අතර, එදින ආදායම රුපියල් 46,457,600 ක් වේ. දෙසැම්බර් 23 වැනිදා වාහන 145,503 ක් පමණ ගමන් කර ඇති අතර එදින ආදායම රුපියල් 50,174,550 ක් වේ.

ඒ අනුව 23 වැනිදා ආදායම මෙතෙක් අධිවේගී මාර්ගවල දිනක ලැබූ වැඩිම ආදායම වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment