නව කැලණි පාළමේ කොටසක් වසයි

646


අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 09 සිට 12 වැනිදා අලුයම 05 දක්වා නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය වසා තැබෙන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය පවසයි.

ඒ අනුව කටුනායක සිට කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව පමණක් ඉහත දිවවල වසා තැබේ.

ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම ඉඟුරුකඩේ හංදිය දෙසට යන පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කරනු ඇත.

අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment