පාසල් සිසුවියගේ මරණයට සැක යුවළක් අත්අඩංගුවට

763


කළුතර ප්‍රදේශයේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය අසල තිබී සොයාගත් දැරියගේ මරණය සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තවත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

කළුතර දුම්රිය මාර්ගයට යාබදව පිහිටි මහල් පහකින් සමන්විත තාවකාලික නවාතැන්පොළක තුන්වන මහලින් ඇද වැටී මියගොස් සිටි මෙම පාසල් සිසුවියගේ නිරුවත් මළසිරුර සොයාගෙන තිබුණි.

පොලීසිය සඳහන් කළේ 16 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියක් එලෙස මියගොස් ඇති බවය.

එම දැරිය තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ කළුතර ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත පැමිණ කාමර දෙකක් කුලියට ගෙන රැඳී සිට ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment