ජාතික ගීය මහතා ලෙස කීවේ නැතැයි උමාරා කියයි

301


ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ජාතික ගීය ගායනා කිරීමේදී මහතා යැයි නොකී බවට උමාරා සිංහවංශ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන අංශයට පැමිණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා මේ සතිය ඇතුළත වාර්තාව සකසා අමාත්‍යංශය වෙත භාරදෙන බව අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතා පවසයි.තමා ජාතික ගීය උච්ඡ ස්වරයෙන් ගායනා කිරීම නිසා මාතා යන්න මහතා ලෙස ප්‍රතිරාවය වන්නට ඇතැයි ඇය සඳහන් කර ඇත.නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවට බව අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment