උ/පෙළ නැවත අයදුම් කරන්න 10දා තෙක් කල් දෙයි

82

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම 2024 ජනවාරි මස 04 වැනිදා දක්වා කල් යෑම නිසා විභාගයට පෙනී සිටීම සඳහා නැවත අයැදුම් කිරීමේ කාලය මේ මස 10 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අජිත් ජයසුන්දර මහතා පවසයි.

එය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

2023 වසර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා නවක අපේක්‍ෂකයන් 342843ක් අයැදුම් කර ඇති බවත් නැවත විභාගයට පෙනී සිටීම සඳහා අයැදුම් කර ඇති පිරිස 18,473ක් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

විභාගයට අදාළ කාලසටහන මේ වනවිට නිකුත් කර ඇති බවත් එය විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

උසස් පෙළ විභාගය 2024 ජනවරි මස 04 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙයි. එය මෙම වසරේ නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට මින් පෙර නියම කරගෙන තිබිණි.

උසස් පෙළ විභාගය මෙලෙස කල්යෑම නිසා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ලබන වසරේ මැයි මාසය දක්වා කල් යනු ඇතැයි ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment