නිර්වාන් දාලා යෑම දුකයි – සචින්

2624

කියාදෙන්න ආදරේ හැර යන්න හේතුව මෙන්න
මායි දුෂේනියි හොඳ යාළුවෝ

මේ දිනවල පුංචි තිරය තම ග්‍රහණයට ගත් ලොකු කුඩා සැමගේ ආදරය එකසේ දිනාගන්නට වාසනාවන්ත වෙමින් “ජානු” ටෙලිනාට්‍යයේ “සහස්” ලෙසිනුත්” “කියාදෙන්න ආදරේ තරම්”ටෙලිනාට්‍යයේ “නිර්වාන්”ලෙසිනුත් පුංචි තිරය ඔස්සේ ඔබ හමුවට එන කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ. සචින් “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙන්න යන බව අපට දැනගන්නට ලැබුණා. ඒ පිළිබඳව වගේම ඔහුගේ කලා ජීවිතයේ අලුත් තොරතුරු ගැන දැනගන්නට මෙවර “ මීවිත” සචින් සමඟ සුහද කතාබහක යෙදුණා.

නිර්වාන් දාලා යෑම දුකයි - සචින්

සචින් “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයෙන් ඉවත්වෙන්න තීරණය කළාද?

ඔව් මම කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයෙන් ඉවත්වෙන්න තීරණය කළා. මේ අන්තිම දවස් ටිකේ මම ෂූටින් යන්නේ. තව ටික දවසකින් නිර්වාන් කියන චරිතය කතාවෙන් ඉවත් වෙයි. දැන් අවුරුදු එකහමාරක විතර ඉඳලා තමයි මම අයින් වෙන්න යන්නේ. දැන් පොඩ්ඩක් අයින් වුණා නම් හොඳයි කියලා හිතුණා. මොකද මගේ වැඩත් එක්ක කරගෙන යෑමේ අපහසුවක් තියෙන නිසා සහ ප්‍රේක්ෂකයාගේ ඉල්ලීමක් තියෙනවා දැන් ඇති මම මේකෙ හිටියා කියලා වගේ. ඉතින් මාව ගෙනාවෙත් ඒගොල්ලො” ඒ නිසා එයාලගේ තීරණයට මම අවනත වෙන්න ඕනෑ කියලා මම හිතනවා.

ඉවත්වීම සම්බන්ධව දුකක් නැද්ද?

දුකක් තියෙනවා. අනිවාර්යයෙන්ම දුකක් තියෙනවා. මම ඉතින් නාට්‍යය වෙනුවෙන් ගොඩක් උදව් කළා. මේ නාට්‍යය නිසාම මගේ වැඩ දහයක්” දොළහක් විතර මම අතහැරියා. ඒකත් එක්ක දැන් ප්‍රේක්ෂකයන් යම්කිසි තැනකට ඇවිල්ලා තියෙනවා දැන් ඇති නේද කියලා. මම මේ තීරණය ගත්තේ නැත්නම් සචින් ලියනගේ කියන නළුවාට හානියක් වෙයි කියලා මම හිතනවා.

රංගනයේදී කලකිරුණු අවස්ථා තියෙනවාද ?

කලකිරුණු අවස්ථා නම් ගොඩක් තියෙනවා. මම හිතන්නේ දැන්ම ඒක කියන්න තරම් ජයග්‍රහණයක් ලබපු නැති නිසා” ඒක එහෙම්ම මගේ හිත ඇතුළේ තිබුණදෙන්. ජයග්‍රහණයක් ලබපු දවසට මම ඒ හැමදේම කියන්නම්.

නිර්වාන් දාලා යෑම දුකයි - සචින්

“ජානු” ටෙලි නාට්‍යයේ සහස් ගැන කතා කළොත්?

සහස්ගේ චරිතෙ ගැන කියනවා නම් ඇත්තටම සමීර අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ‘ජානු. මේ දවස්වල ගොඩක් හිට්වෙලා තියෙනවා. ජානු ටෙලි නාට්‍යයේ සහස්ගේ චරිතයට මේ දවස්වල මිනිස්සු ගොඩක් ආදරේ කරනව සහ සමහර ප්‍රේමවන්තයෝ ඉන්නවා තමන්ගේ ගෑනු ළමයා වැරදි කරල දාලා ගියපු අය නිහඬවෙලා හිටපු අය. ඒ ගොල්ලෝ ගොඩක් වෙලාවට මා තුළින් එයාලට කියන්න ඕන දේවල් දකිනවා සහ ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ඒකත් එක්ක ඉතින් ගොඩක් එසනඑදන වෛරල් එහෙම යනවා මගේ වීඩියෝ සහ ඩ්‍රාමා එකේ වීඩියෝස්. ඉතිං සතුටුයි. මම හිතන්නේ කාලෙකට පස්සේ හොඳ ඩ්‍රාමා එකක් තියෙනවා මිනිස්සුන්ට බලන්න.

වෙනත් නිර්මාණයන්ට මොනවද දායකත්වය ලබා දුන්නේ?

මේ දවස් ටිකේ මේ වැඩ නිසා තව සතියක් වගේ යනකන් වැඩක් භාර ගන්න බැරිවෙයි” නමුත් වෙනත් නිර්මාණයකට දායකවෙන්න අසාවෙන් බලාගෙන ඉන්නවා. කියාදෙන්න ටෙලි නාට්‍යයෙන් අයින් වුණාට පස්සේ මට දින කිහිපයක් නිදහසක් ලැබෙයි. ඒ නිදහසේ මම බලන්නේ තවත් වැඩක් භාර ගන්න. පිටපත් නම් ගොඩක් ලැබෙනවා. නමුත් මෙතුවක් කරපු චරිත වලට වඩා වෙනස් චරිතයක් තමයි මම හොයන්නේ. මට ඕනේ වෙනසක් කරන්න. නැත්නම් මම එක රාමුවකට කොටුවෙයි.ඒ නිසා රාමු හතරක්” පහක් එළියට දාගන්න පුළුවන් නම් සතුටු වෙනවා. ඒ වගේ නිර්මාණයක් ආවොත් අනිවාර්යයෙන්ම භාරගන්නවා.

පුංචි තිරයෙන් රිදී තිරයට ඇරයුම් ලැබීම අභියෝගයක් වුණාද?

ඔව් මම හරිම පරිස්සම්. මොකද මට තාම සිනමාව ගැන ලොකු දැනුමක් සහ අත්දැකීමක් නැහැ. මගේ අත්දැකීම් එකතු කරගෙන තමයි පළවෙනි නිර්මාණයට රංගනයෙන් දායක වෙන්නේ. අඟල් 70ක 75ක තිරයකට වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අඟල් 32ක තිරයකට වඩා. මම හිතන්නේ ඒ වෙනස ලොකු අභියෝගයක්. මම කොහොම හරි ඒ අභියෝගය ජය ගන්නවා සහ මම හිතනවා ප්‍රේක්ෂකයෝ එකතු වෙලා මේ අභියෝගයෙත් මාව උඩින්ම තියයි කියලා.

“විසල් ආදරේ” චිත්‍රපටය කවදාද ප්‍රේක්ෂකයන්ට දැකගන්නට පුළුවන් වෙන්නේ?

බොහෝ දුරට මගේ උපන්දිනය තියෙන නොවැම්බර් මාසේ අන්තිම වගේ වෙද්දි නරඹන්නට පුළුවන් වෙයි.

නිර්වාන් දාලා යෑම දුකයි - සචින්

සචින් තිර පිටපතක් ලියනවා නේද” මොකක්ද මේ අලුත් වැඩේ?

ඔව්.මම හිතනවා ප්‍රේක්ෂකයාට දෙන්න ඕනෑ කියලා පොඩි ගේම් වැඩක්.ඒ කියන්නේ” අපි පිටරටක විතරයිනේ ගේම්ස් වැඩ දැකලා තියෙන්නේ. මිනිස්සු ජීවිතේ කන කට්ට සහ ඒවා කොහොමද සාර්ථක කරගන්නේ කියලා. ඒ වගේ පොඩි වැඩක් ලියන්න මම මේ දවස්වල හිතහිත ඉන්නවා. මට තාම ලොකුවටම බැහැ. නමුත් ඒ වැඩේ කොහොම හරි සාර්ථක වුණත් නැති වුණත් මගේ වෙනත් වැඩක් නොවැම්බර් මාසයේ ක්‍රියාත්මකවෙයි ගොඩක් වෙලාවට.

ඒ වැඩේ භාරදෙන්න අලුත් නිෂ්පාදකවරයෙක් නේද සොයන්නේ?

දැනටම නිෂ්පාදකවරු දෙන්නෙක් තුන්දෙනෙක් කැමැති වෙලා තියෙනවා. මම ගොඩක් වෙලාවට හොයන්නේ මගේ වැඩේට අතදාන්නේ නැති කට්ටියව. සාමාන්‍යයෙන් නිෂ්පාදකවරු අතලොස්සක් තමන්ගේ කෙනාව දාන්න ගොඩක් උත්සහ කරනවා. මම හිතන්නේ කලාවේ එහෙම දේවල් නොතිබිය යුතුමයි. අපේ ගොඩක් ප්‍රවීණ සහ නවක පරපුරක් ඉන්නවා. ඒ අයව දාලා ගැලපෙන විදිහට වැඩේ කරන්න තමයි මම කැමැති. මගේ මේ වැඩේට නිෂ්පාදකවරුන්ට තවමත් ඇරයුමක් තියෙනවා.

සචින් ආදරවන්තයෙක් ද?

දැනට නැහැ.

ආදරය දකින්නෙ කොහොමද?

මම ගොඩක් වෙලාවට ආදරේ දකින්නෙ හැඟීම් ගොඩකින් එකතුවුණ එක හැඟීමක් විදියට. මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා යම්කිසි කෙනකුට ආදරයක් ලැබෙනවා නම් ඒ ලැබෙන දේ මානසික නිදහසක් එක්ක ලැබිය යුතුමයි කියලා. ඉතින් ආදරේ මම දකින්නේ ඒ විදියට.

සචින් සහ දුෂේනි අතර තියෙන්නෙ මොනවගේ බැඳීමක්ද?

අපි දෙන්නා එක ඩ්‍රාමා එකක් එකට කළා. ඉතිං ඒකත් එක්ක අපි යාළුවො වුණා. දැන් අපි හොඳ යාළුවෝ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment