එන්නත්කරණයට වසරකට කිට්ටුයි: 90% කට එන්නත දී අවසන්

128

කොවිඩ් මර්දන ශ‍්‍රී ලංකාවේ ආරම්භ කළ එන්නත් වැඩසටහනට මෙම මස 29 වැනිදාට වසරක් සපිරෙනවිට මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී ඇතැයි එන්නත්කරණ වැඩසටහනේ අලූත්ම තොරතුරුවලින් අනාවරණය වී ඇත.

තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 50ක් මේ වනවිට ලබාදී ඇති අතර වයස අවුරුදු 12-15ත් අතර ළමුන්ට ද ෆයිසර් එන්නත ලබාදීම ඉකුත් 07 වැනිදා සිට ආරම්භ කර තිබේ. දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නත බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් කිසිදු ගැටලූවකින් තොරව ලැබී ඇති බවත් කොවිඩ් මර්දන එන්නත් කරණ වැඩපිළිවෙළේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

2021 ජනවාරි 28 වැනිදා ශ‍්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ලෙස ඉන්දියාවෙන් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 10ක් ලැබුණ අතර ඉන් පළමු මාත‍්‍රාව ජනවාරි 29 වැනිදා මුල්ලේරියාව බෝවන රෝග ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික‍්‍රම මහතාට ලබා දෙමින් ලංකාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහන ආරම්භ කළ බවත් එම ප‍්‍රකාශකයා පැවසීය. ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර

ගැනීමට හැකි වූයේ යුද හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ලබාදුන් සහයෝගය නිසා යැයි ද එම ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment