ඔන්ලයින් පනතින් ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය ආරක්‍ෂා වෙනවා – එජාප සභාපති වජිර

47

සමාජ මාධ්‍ය ජාලා නීති රීති නොතිබීම නිසා රටේ සියදිවි නසාගත් ජීවිත ප්‍රමාණය වෙනම ගණන් බලා සමාජ ගත කළ යුතුව ඇති බවත් ඔන්ලයින් පනත හරහා ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය ආරක්‍ෂා වන බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ලෝකයේ රටවල් 194 කින් මේ පනත ක්‍රියාත්මක වන බවත් එම කිසිදු රටක ආර්ථිකය විනාශවී නැති බවත් එම රටවල පනත්වලට වඩා අපරට විසින් ගෙන ඇත්තේ ඉතාම ලිහිල් නීති රීති බවත් ඒ ඊයේ (28 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. මෙම පනත අනිත් දියුණු වුණ රටවල්වල ආකාරයට වගේ ක්‍රියාත්මක කරන්න තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තිබෙන සංශෝධන ඇතුළත් කරනවා. ඇතුළත් නොකර හරිනවා නම් ඒක අනවශ්‍ය නිසා ඇතුළත් නොකර හරින්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය දීපු යම් යම් ඡේදවල වෙනස්කම්වලට පරිබාහිරව යමක් සිදුවන්නේ නැහැ.

ලෝකයේ රටවල් 137 ක මහජනතාවගේ කටවල් වහලද? නෑනේ. එච්චරයි හිතාගන්න තියෙන්නේ. ලෝකයේ රටවල්වලත් මේ සඳහා කොමිෂන් පත් කරලා තියෙනවා. සිංගප්පූරුව තරම් බරපතළ එකක් නොවේ ශ්‍රී ලංකාවේ ගෙනල්ලා තියෙන්නේ. සිංගප්පූරුවේ සමහර ඒවාට ඩොලර් මිලියන 1 ක් දක්වා දඩ නියම කරන්න පුළුවන්.

එපමණ පාලනයක් නොවේ. ඊට වඩා ලිහිල් ප්‍රජාතන්ත්‍රවාදී, බි්‍රතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ආසියාවේ රටවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අනුකූලව බොහොම ලිහිල් ප්‍රමාණයක් තමයි මේ පනත හරහා ඉදිරිපත් කරලා තියෙන්නේ යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment