යුරෝපයට යළි කොරෝනා වසංගත රැල්ලක්

384

යුරෝපය පුරා නැවත දරුණු කොරෝනා වසංගත රැල්ලක් හටගනිමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ. ජර්මනිය ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල් 53ක පැතිර යමින් පවතින කොරෝනා වසංගත රැුල්ල හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වන විට මිලියන භාගයක පිරිසක් මිය යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපයේ ප‍්‍රධානියා වන හැන්ස් ක්ලූග් පවසා තිබේ.

 ප‍්‍රමාණවත් ජනගහණයක් කොරෝනා එන්නත්කරණයට ලක් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ක්ලූග් කියා තිබේ. ජර්මනියෙන් මේ වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20,000 හා 30,000 ඉක්මවා තිබෙන අතර සෙසු යුරෝපා රටවලද දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව වාර්තා වී ඇත.

 සංස්කරණය
 ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment