පෙට්‍රල් 40 කින් බැස්සුවාට ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බැරිලු

62

පෙට්‍රප් මිල පහත දැමුවද ත්‍රිරෝද ගාස්තු කිසිසේත්ම අඩු නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (02 වැනිදා) පැවසීය.

සතියක ලබාදෙන ලිටර් 5 ක පෙට්‍රල් කෝටාව සීමාසහිත බැවින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බව හෙතෙම කියා සිටියේය.

ලලිත් ධර්මසේකර මහතා තවදුරටත් මෙසේද කීය.

‘පෙට්‍රල් මිල රුපියල් 40 කින් අඩු කළා කියලා අපි ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නැහැ. අඩු කරන්න බැහැ. ආණ්ඩුව කුලී ත්‍රිරෝද රථ තියෙනවා කියලා

පිළිගන්නෙවත් නැහැ. කුලී ත්‍රිරෝද රථ සේවාවේ යෙදෙන ත්‍රිරෝද රථවලට සතියටම දෙන්නේ පෙට්‍රල් ලීටර් 5 යි. ඒ දෙන පෙට්‍රල් ප්‍රමාණය පවුලේ වැඩකටයුතු ටිකවත් කරගන්න ප්‍රමාණවත් නැහැ. මේ ගැටලුව ගැන ආණ්ඩුවට කීප අවස්ථාවකදීම කිව්වා. නමුත් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ අපි ජීවත්වන්නේ හරිම අමාරුවෙන්. අපි කිව්වේ සතියකට ලීටර් 30 ක් පෙට්‍රල් දෙන්න කියලයි. නමුත් ඒ දේ දෙන්නවත් ආණ්ඩුව ක්‍රියා කළේ නැහැ. මේ තත්ත්වය තුළ අද විශාල පිරිසකගේ ත්‍රීවිල් ගෙවල්වල. සතියකට පෙට්‍රල් ලීටර් 30 ක් දුන්නොත් කුලී ත්‍රිරෝද ගාස්තුව අඩු කරන්න පුළුවන්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment