GMOA විරෝධතා පාගමනක

170

ඉක්මනින් විසඳුම් නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග
මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ

වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලු සහ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට මුහුණ දී ඇති අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසට රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (11 දා) විරෝධතා පාගමනක් පැවැත්වූහ. කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම පාගමන පැවැත්විණි.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින් දිවෙන ඩීන්ස් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර විය. මේ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හා සෞඛ්‍ය පද්ධතියේ අර්බුදවලට රජය කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මෙම විරෝධතාවයේදී පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කර තිබූ මෙම විරෝධතා ව්‍යාපාරයට වෛද්‍යවරු විශාල පිරිසක් සහභාගි වූහ. පිරිස පසුව විසිර ගියහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment