පාර්ලිමේන්තුවේ දූෂිත මන්ත්‍රීන්  ඉවත් කරන්න ස්වාධීන අධිකාරියක්

195

පනත ගැන ඇමැති විජේදාස අද කියයි

බරපතළ දූෂණ විෂමාචාර ක්‍රියාවන් සඳහා වරදකරුවන් වන අය ගැන ක්‍රියා කිරීමට අර්ධ අධිකරණ බලතල සහිත ස්වාධීන පාර්ලිමේන්තු අධිකාරියක් ස්ථාපිත කිරීමට යයි.

මේ යටතේ වරදකරුවන් වන මන්ත්‍රීවරුන් ධුරයෙන් නෙරපා හැරීමට හැකිවන ආකාරයට මෙම අධිකාරය පිහිටුවීම මගින් පියවර ගැනීමට යෝජිතය.

මේ සඳහා වූ නව පනත පිළිබඳව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අද අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවකදී කරුණු දැක්වීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment