රාජ්‍ය ආයතනවල කොළ පිරවීමට වජිර ‘තිත’ ඉල්ලයි

125

රාජ්‍ය ආයතනවලට එන මහජනතාවට තවදුරටත් පැරණි ක්‍රමවේද ඔස්සේ කොළ පුරවන යුගය සහමුලින්ම නිමකොට පද්ධති කටයුතු ‘ස්මාර්ට්’ කළ යුතු යැයි එජාප සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ලෝකයම නවීකරණය වෙත්දී අපට පැරණි ක්‍රමවේදවලට සිරවී සිටින්න බැහැ. මා විෂය භාර ඇමැතිව සිටියදී පුද්ගල හැඳුනුම්පතින් සියලු කටයුතු කළ හැකි ලෙස දියුණු කරලීමට එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උවමනාවී තිබුණා. 2017 එම කාර්ය කිරීමට නියමිතව තිබුණා. එදා ඊට බිලියන 30ක් අවශ්‍ය වුණා. අද බිලියන 60ක් විතර වේවි. බිලියන 30ක් ආයෝජනය කළොත් විශාල මුදලක් ඉතිරි වේවි.

රියැදුරු බලපත්‍රය අලුත්කර ගන්න නියාමන විදේශ ගමන් බලපත්‍ර කටයුතුවලදී එම නවීකරණය තවත් ශක්තිමත් විය යුතුයි. එහෙම නැතිව රටකට ඉදිරියට යන්න බැහැ යැයි කොළඹ පැවති රජයේ තොරතුරු හා තාක්‍ෂණ වෘත්තික සමුළුව අමතා අබේවර්ධන මහතා කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment