ඇල්පිටියේදී දුරකතන කණුවක ගැටුණු මෝටර් රියක් ගිනිගෙන අළුවෙයි

157

පැමිණි පිරිස එළියට පැන දිවි බේරා ගනී

ඇල්පිටිය මාපලගම මාර්ගයේ ඇත්කඳුර වැව රවුම ප්‍රදේශයේ 21 දින අලු‍යම 2.00ට පමණ මෝටර් රථයක් දුරකතන කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරින් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත. එම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර එය ඇල්පිටිය සිට ඇත්කඳුර ප්‍රදේශයට ගමන් කරමින් තිබී ඇත. මෝටර් රථය ගැටීමත් සමඟ ගිනි ගැනීම හේතුවෙන් රථයේ ගමන් කළ තිදෙනා ක්ෂණිකව වාහනයෙන් එළියට පැන දිවි බේරාගෙන ඇත. තුවාල සිදුවී නොමැති අතර එම මෝටර් රථය මීටියාගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment