යක්ෂයාගේ වල්ගාතරුව අද ලංකාවටත් පෙනෙයි

1320

යක්ෂයාගේ වල්ගා තරුව හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව ශ්‍රී ලාංකිකයන්ට දැක බලාගැනීමේ අවස්ථාව අද (8වැනිදා) උදාවන බව තාරකා විද්‍යාඥයෝ සඳහන් කරති.

වසර 71කට වරක් නිරීක්ෂණය කළ හැකි මෙම වල්ගා තරුව වර්ෂ 1300 ගණන්වල චීන තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කරනු ලැබ තිබේ. යක්ෂයාගේ වල්ගා තරුව ලෙස එය වඩාත් ප්‍රචලිත වන්නේ එහි ඇති අයිස් හා වායුව වරින් වර පුපුරා යෑම නිසා එම පිපිරීම්වලින් වල්ගා තරුවට යක්ෂ අං ඇති පෙනුමක් ලබාදීම හේතුවෙනි.

සැතපුම් 18.6ක් පළල මෙම වල්ගා තරුව අප්‍රේල් 21 වැනිදා සූර්යයාට සමීපතම ප්‍රවේශයට ළඟාවීම සිදුවනු ලබයි.

නාසා ආයතනය පවසන්නේ යක්ෂයාගේ වල්ගා තරුව අප්‍රේල් 10 දා චන්ද්‍රයාට යටින් ස්ථානගත වන බවත් එම දිනය එය නැරඹීමට සුදුසුම දිනය බවය.

මෙම වල්ගා තරුව බ්‍රහස්පති ග්‍රහයාට ආසන්නයට පැමිණෙන්නේ අප්‍රේල් 8 වැනිදා වන අතර එහිදී වැඩි දීප්තිමත් බවක් නිරීක්ෂණය කළ හැකිය.

එමෙන්ම අද පූර්ණ සූර්යග්‍රහණයක් ද සිදුවීමට නියමිතය. එය වඩාත් හොඳින් දැකගත හැක්කේ උතුරු ඇමෙරිකාවට පමණක් බව නාසා ආයතනය පවසයි. එය ඇමෙරිකානු වේලාවෙන් පස්වරු 3.42ට ආරම්භ වේ. පූර්ණ සූර්යග්‍රහණය පස්වරු 4.38 ට දැකගත හැකිය. එය අවසන් වන්නේ පස්වරු 6.17ට බව නාසා ආයතනය පවසයි. මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දැකගත හැක්කේ ඉතා කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට නැවත මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකගත හැක්කේ 2044 වසරේදී යැයි ද නාසා ආයතනය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment