ලාදුරු හිස ඔසවයි – වසරේ මාස තුනට රෝගීන් 355ක් හමුවෙලා

92

ගාල්ල, මඩකලපුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ලාදුරු රෝගීන් සොයා ගැනීම ඉහළ ගොස් ඇත. 2022 වසරට සාපේක්ෂව පසුගිය මාස තුනට හඳුනාගත් ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට පනස් හතකින් ඉහළ ගිය බව ජාතික ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ඊයේ (28 දා) පැවැසීය.

2023 මුල් කාර්තුවේදී (ජනවාරි සිට මාර්තු දක්වා) ලාදුරු රෝගීන් 355ක් සොයා ගෙන තිබෙන බවත්, කොළඹ, ගම්පහ, මඩකලපුව, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් රෝගීන් එකසිය අනූහය දෙනකු හඳුනාගත් බව පැවසීය. 2022 වසරේ මුල් කාර්තුවේදී සොයා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව 226කි.

සුනිල් රූපසිංහ – පල්ලේපොල

advertistmentadvertistment
advertistmentadvertistment