අධික උෂ්ණත්වය ගර්භනී මව්වරුන්ට විවිධ සංකූලතා ඇතිවීමට හේතුවක් – පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු

66

අධික උෂ්ණත්වය ගර්භනී මව්වරුන්ට සහ දරු ගැබට හානි කර විවිධ සංකූලතාවලට හේතුවක් වන බැවින් වඩාත් ප්‍රවේශම් විය යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවැසුවාය.

ගර්භනී සහ කිරිදෙන මව්වරුන් ළදරුවන් සහ ළමුන් අතර සෙම්ප්‍රතිශ්‍යාව, අධික හිසරදය, විඩාව, මහන්සිය වැනි සංකූලතා රෝග ඇතිවීමේ අවදානමක් පවතින බවත් පෙර පාසල් සහ ඒක සිට පහ වසර දක්වා දරුවන්ට සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව කීවාය. පෙර පැසල් සහ එක සිට පහ වසර දක්වා අධ්‍යපන ලබන දරුවන් අධික උෂ්ණත්වයට නිරාවරණය වන ලෙස එළි මහනේ සිදු කෙරෙන ක්‍රියාකාරකම් සදහා යොදා නොගත යුතු බවද සභාපතිණය අවධාරනය කළාය.

අධික උෂ්ණත්වය පවතින පෙරවරුවේදී පරිසරයට නිරාවරණයමෙන් ගැබිනි මව්වරුන් කිරිදෙන මව්වරුන් මෙන්ම ළදරුවන් වැළකීම වඩාත් යෝග්‍ය බවත් පිරිසිදු ජලය පානය කිරීම ස්වාභාවික පළතුරු යුෂ දියර වර්ග පමණක් පානියට යොමු වීම වඩාත් පලදායී බවද කීවාය.

උෂ්ණත්වය හේතුවෙන් දහඩිය දැමීම ඉහළ යන බවත් සම මතුපිට බිබිලි දැමීම සිදුවන්නේ යැයිද සංකූලතා ඇතිවුවහොත් තමන්ට ආසන්න රජයේ රෝහලින් වෛද්‍ය උපදෙස් සහ ප්‍රත්‍රිකාර ලබා ගැනීමට උනන්දු වන ලෙසද ඇය ඉල්ලීමක් කළාය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment