කළ කළ දේ ඵල ඵල දේ

373

පසුගිය 29 වැනිදා රාත‍්‍රි පිටිගල පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන ජගත් නිශාන්ත නමැති නිලධාරියා සිවිල් ඇඳුමින් සැරසී අවමඟුුල් උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී ඇල්පිටිය ප‍්‍රදේශයේ දී දෙදෙනෙකු විසින් පහරදී තර්ජනය කොට යතුරුපැදිය” ජංගම දුරකථනය” මුදල් පසුම්බිය ආදිය පැහැර ගෙන පලාගොස් ඇත.

ඒ අනුව එම නිලධාරියා ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.

එදිනම රාත‍්‍රි 04 කණුව අසලදී එම යතුරුපැදිය අනතුරට ලක් වී ඇති අතර ප‍්‍රදේශවාසීන් එක්ව එහි සිටි තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත. එහි සිටි එක් අයෙක් පලාගොස් ඇත. මෙම පුද්ගලයා දකුණු කකුල කැඞීම නිසා ඇල්පිටිය රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටී. මෙසේ දකුණු පාදය කැඞී ගොස් ඇත්තේ පොතුවිල්හේන තල්ගස්පේ පදිංචි හෙන්දහේවා ප‍්‍රභාත් සුරංග නමැති අයකුගේය. ඩිස්කවරි වර්ගයේ යතුරුපැදිය මේ වන විට පොලිස් භාරයේ ඇත. ඇල්පිටිය පොලිසිය ඔහු සමග සිටි අනෙක් පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment