උ/පෙළ වාණිජ සිසුන් බැංකුවලට යවයි

198

ඉදිරියේදී උසස් පෙළ වාණිජ විෂයය හදාරන සිසුන් බැංකු වෙත ගොස් වාණිජ විෂයය පිළිබඳව තමන් ලැබූ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව සහභාගි වී නිරීක්‍ෂණය කළයුතු යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

රටක ආර්ථිකයට සෘජුවම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයයන් හදාරන සිසුන්ට බැංකු වැනි ආයතනවලට ගොස් විෂයගෝචර අත්දැකීම් ලබාගත හැකි ආකාරයට අවසර ලබාදීම චක්‍රලේඛයක් මාර්ගයෙන් කරන බවත්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (30 දා) පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පැවැසීය.

මේ වනවිටත් පළමු වසරේ සිටම දරුවන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතය පිළිබඳ පළපුරුද්ද ඇතිකිරීමට මෙන්ම ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලියට අනුගත වීමටත් කටයුතු යොදා ඇති බවද ඇමැතිවරයා කීය. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස දීපව්‍යාප්තව පාසල් 20 ක 6-9 හා 10-13 ශ්‍රේණිවල දරුවන්ට තොරතුරු තාක්‍ෂණ විෂයය හා කෘත්‍රීම බුද්ධිය විෂයය ඉගැන්වීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා කීය.

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතරවාරයේම සිය වගකීම් පිළිබඳ අවබෝධයෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සමාජය පෙනී සිටිය යුතු බව ද ඇමැතිවරයා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment