දේව මෙහෙයන්ට එන නාඳුනන පුද්ගලයන් ගැන පොලිසියට කියන්න

77

පාස්කු සමය නිමිත්තෙන් මේ දිනවල කිතුනු දෙව්මැඳුරුවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයවලට පැමිණෙන නාඳුනන පුද්ගලයන් පිළිබඳව ඒ අසල රැකවරණයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දන්වන ලෙස පොලිසිය සියලු කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

දිවයිනේ පිහිටි සියලු කිතුනු දෙව්මැඳුරුවලට දැඩි රැකවල් යොදවන බවද පොලිස් මූලස්ථානය කියයි. මෙම ආරක්ෂක වැඩපිළිවෙළට පොලිස් විශේෂ කාර්ය බළකාය ද එක්වෙයි.

කිතුනු දෙව්මැඳුරුවලට අයත් දහම්සේවා කමිටු නිලධාරීන් ද මෙම ආරක්ෂක වැඩපිළිවෙළට සහාය ලබාදෙයි.

නෝමන් පලිහවඩන සහ දුන්ගාල්පිටිය ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment