අගමැති දිනේෂ් ගුණවර්ධන චීනයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ හමුවකට එක්වෙමින්

101

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඉකුත් 25 වැනිදා චීනයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ හමුවකට එක්වු අග්‍රාමාත්‍යවරයා චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සමඟින් ශ්‍රී ලාංකීය ඉහළ පෙළේ ව්‍යවසායකයින් සහ ලාභදායි ව්‍යාපාර පිහිටුවා ඇති වෘත්තිකයන් සහ ඒ ඒ ක්ෂේත්‍රවල ඉහළම තනතුරු දරන විශාල පිරිසක් සමග සකච්ඡා කළහ. චීන අමාත්‍යවරු කිහිප දෙනෙක්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සිනොපෙක්, හුවාවේ ඇතුළු ඉහළ පෙළේ ආයතනවල ප්‍රධානීහු සහ එක්සිම් බැංකුව, කෘෂිකර්ම බැංකුව, චීන වරාය, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය සහ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරුද මෙම අවස්ථාවට එක් වූහ. රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, පියල් නිශාන්ත, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අයද චීන නායකයන් සහ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කරගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment