දෙබර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

490

අසල්වැසි නිවසක වහලයේ තිබු දෙඹරු කුඩුවක් ඉවත්කිරිමට ගොස් දෙඹරු ප්‍රහාරයට ලක්වු තිදරු පියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය. මියගොස් ඇත්තේ පියල් සමන්ත (41) නැමති නාවිමන, මාතර දකුණ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය. මොහු තවත් අයෙකු සමග අසල්වැසි නිවසක වහලයේ තිබු දෙඹරු කුඩුවක් ඉවත් කිරිමට ගොස් ඇති අතර එහිදි මොහු දෙඹරුන්ගේ ප්‍රහාරයකට ලක්ව ඇත. දෙඹරු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මොහු මාසයකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. මියගිය තිදරුපියාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ටි.පි.ටි ජයරත්න මහතා විසින් සිදුකරණු ලැබිය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා දෙඹරු ඇනිම නිසා දෙඹරු විෂ ශරිරගතවිමෙන් සිරුරේ කොටස් අකර්මන්‍ය වි මරණය වි ඇති බවට තින්දු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment