රේගුවේ ඇති වාහන 133ක ලිපි ගොනු අස්ථානගත වෙලා

197

රේගු භාරයට ගෙන රදවාගෙන ඇති වාහන 133කට අදාල විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. රේගු විමර්ශන වලදි රේගු භාරයට ගනු ලැබු රථවාහන 435ක්,බහාලුම් 91 මෙම වර්ෂයේ (2023) ජනවාරි 31 දින වනවිට පුද්ගලික ආයතනයකින් කුලි පදනම මත ලබාගෙන ඇති අංගනයක මෙකි රථවාහන ගාල්කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉන් වාහන 261ක් සහ බහාලුම් බහාලුම් 86ක් වසර 05ක අධික කාලයක සිට මෙකි අංගනයේ රදවා තිබුණි. විවිධ අංශ විසින් සිදුකරණ රේගු විමර්ශන වලදි රේගු භාරයට ගන්නා ලද හා වෙනත් නියාමන ආයතන විසින් රේගුවට භාරදෙන ලද හා රජසන්තක කරණු ලැබු වාහන හා බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරණ තෙක් රේගු අධික්ෂණයේ රදවා ගැනිම සදහා වර්ග අඩි 18000ක භුමිභාගයක් පුද්ගලික ආයතනයකින් කුලියට ලබාගෙන තිබුණි.2015 වර්ෂයේ සිට 2020 කාලය දක්වා පමණක් රේගුව විසින් අදාල සමාගම සමග විධිමත් ගිවිසුමකට එළඹ තිබුණි. ඉන්පසු 2023 ජනවාරි මස දක්වා අවස්ථා 05කදි කාලය දිර්ඝ කරමින් මෙම භුමිය ප්‍ර යෝජනයට ගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment