ආණ්ඩුවේ මධ්‍යසාර ප්‍රතිපත්තියට සජිත් දෙහි කපයි

132

රජය දුම්කොළ සහ මධ්‍යසාර මිල ගණන් වැඩි කිරීමෙන් ඒවා පාලනය කිරීමට උත්සාහ ගත්තත් තම දේශපාලන හිතමිතුරන්ට අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දීම නිසා දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සම්බන්ධයෙන් රජය දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත් සමහර ප්‍රදේශවල විහාරස්ථානය අසළ බියර් හල් සදහා බලපත්‍ර ලබා දී ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත බියර් බලපත්‍ර රැසක් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද (20) පාර්ලිමෙින්තුවේදී ස්තාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.මීට අමතරව ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට පිබුරු පත් සකසමින් සිටින බවත් ලෝකයේ බොහෝ රටවල අන්තරාය ඖෂධ ලෙස නම් කර ඇති සමහර මත්ද්‍රව්‍ය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට යාම රටේ සංස්කෘතිය හා සදාචාරය ට බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ළමුන් සදහා වූ පාර්ලිමේන්තු සංසදයේදී පවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් මේ මත්ද්‍රව්‍ය නිසා සමාජයට මේ වන විටත් විශාල හානි සිදුව ඇති නිසා රජයක් ලෙස වහාම පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.ඡන්දෙ කාලෙට මතට තිත කිය කියා සුදු ඇදුමින් සැරසි සාටක පැලද වේදිකාවල කැ ගැහුවට දැන් මතට කිසි තිතත් තියා නැති බවත් මේ වන විට බංකොලොත් වී ඇති අපෙි රට ගොඩගන් හදන්නේ ගංජා හා මත්පැන් හරහාද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම දුම්කොළ හා මධ්‍යසාර සමාගම් සදහා නිවැරදිව බදු අය කිරිම සිදු නොවන බවත් එය ඔප්පු කල හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment