පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණවලට සිරිල් ගාමිණී පියතුමන්ගෙන් යෝජනා

171


පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂණ නැවත වරක් යට ගසන්නේ නැතිව ජාත්‍යන්තර නිරීක්ෂකයින් ද සහභාගීකරගෙන නිවැරදි පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සිරිල් ගාමිණී පියතුමන් පවසයි.පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයට මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැනි නිලධාරීන් ගෙන්වීමෙන් සිදුවන්නේ එහි විශ්වාසනීයත්වය බිඳවැටීම බවද සඳහන් කරයි.එබැවින් නිවැරදි පරීක්ෂණයක් සිදුකරන්නේ නම් පාස්කු ප්‍රහාරය සිදුවූ මොහොතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සේවය කළ නිලධාරීන් සහභාගීකරගෙන ජාත්‍යන්තර පරීක්ෂණයන් සිදුකරන ලෙසද ඉල්ලා සිටියි.සිරිල් ගාමිණී පියතුමන් මෙම අදහස් පළ කළේ අද කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment