සෞඛ්‍ය සේවයට ජපානයෙන් මුදල්

99


අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙමගින් ප්‍රධාන වශයෙන්ම ඩීසල් මිලදී ගැනීම සිදුකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් බිලියන 5ක ප්‍රදානයක් ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව පළකර ඇතැයිද ඇමැතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment