ලබන සැරෙත් ජය අපටයි – සම්මේලනයේදී මහින්ද කියයි

118

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමෙන් පසු පැවති මැතිවරණ තුනෙන්ම තම පක්‍ෂය ජයග්‍රහණය කළ ආකාරයට මීළඟට පවත්වන මැතිවරණයෙන් ද නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (15දා) පැවති එම පක්‍ෂයේ දෙවැනි මහා සම්මේලනයේදී පැවසීය.

එහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අලුත් දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට බැසිල් රාජපක්‍ෂ මහතා පළමුවෙන්ම යෝජනා කළ අවස්ථාව තමන්ට හොඳට මතක බවයි. අලුත් පක්‍ෂයක් පිහිටුවීම ලොකු වැඩක් වන නිසාත් හිටපු පක්‍ෂය සමග තිබුණ බැඳීම නිසාත් එම අවස්ථාවේදී අලුත් පක්‍ෂයක් පිහිටුවීමට තමා අකමැති වුවත් දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී ඇතිවූ ගැටලුසහගත තත්ත්වය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට තීරණය කළ බව ද ඔහු කීවේය.

පක්‍ෂය පිහිටුවා ඉතා කෙටි කාලයක් තුළ විශාල පෙරළියන් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙටත් විශාල පෙරළියක් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment