පැය 24කදී 703 ක් යුක්තියට කොටු වෙති

71

ඊයේ (2 දා) උදේ හයෙන් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම්වලින් සැකකරුවන් 703 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවසීය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 525 දෙනකු ද අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 178 දෙනකු ද ඒ අතර සිටින බව ද හෙතෙම කීය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 525 දෙනා අතරින් සැකකරුවකු රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 6 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 178 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 දෙනකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 156ක් සිටින බව ද හෙතෙම කීය.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් දෙදෙනකු සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 9 දෙනකු ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment