ළමුන් දෙදෙනකු මැරූ යුවළට මරණ දඬුවම

314

මෙයට සිවු වසරකට පෙර 2020 වසරේදී කුඩා ළමුන් දෙදෙනකු උසැති ගොඩනැඟිල්ලක ජනේලයෙන් පිටතට විසි කිරීමෙන් මරා දැමූ යුවළකට එරෙහිව මරණීය දන්ඩණය ක්‍රියාත්මක කිරීමට චීන රජය විසින් ඉකුත් බදාදා (31) පියවර ගෙන තිබේ. කුඩා ළමුන් දෙදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සැන්ග් බෝ හා ඔහුගේ අනියම් පෙම්වතිය වූ යේ චෙන්ග් චෙන් නිරිතදිග චීන නගරයක් වූ චොන්ග්කිවින් නගරයේදී මේ අයුරින් මරා දමා තිබේ.

මෙම චූදිතයන් දෙදෙනා මරා දැමූ ආකාරය අනාවරණය වී නොමැත. කෙසේ වුවද චීනයේ මරණීය දන්ඩණය ලබා දෙනුයේ විෂ එන්නතක් විදීමෙන් හෝ වෙඩි තැබීමෙන් වීම නිසා එම ක්‍රම දෙකෙන් එකක් මෙහිදී අනුගමනය කරන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment