ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතියේ දෙවැනි මධ්‍යස්ථානය මහනුවරදී විවෘත කෙරෙයි

28

ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, බවර් සමාගමට (A. Baur) Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt’ Ltd’ -SHMA) සිය තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ දෙවැනි මධ්‍යස්ථානය මහනුවර ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පසුගියදා විවෘත කළේය.

ඉකුත් මාසයේ මාතලේ ආරම්භ කළ පළමු මධ්‍යස්ථානයෙන් අනතුරුව දෙවැනි මධ්‍යස්ථානය මහනුවර ආරම්භ කිරීමේදී වැඩි අයදුම්කරුවන් පිරිසකගේ කැමැත්ත සළකා බැලීම ද විශේෂත්වයකි. තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතිය යනු බවර් සමාගම, සංවර්ධනය සහ සහයෝගීතාව වෙනුවෙන් වූ ස්විස් ආයතනය (Swiss Agency for Development and Cooperation – SDC) එක්ව ක්‍රියාත්මක කරන පෞද්ගලික සහ රාජ්‍ය සහයෝගීතා ව්‍යාපෘතියකි.

advertistmentadvertistment
advertistmentadvertistment