සිරිමන්ත රත්නසේකර

ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිස් ආයතනය ජපානය සහ ඉන්දියාව සමඟ නව ව්‍යාපාරික සැලසුමකට ගිවිසුම් ගත වීම පසුගියදා කොළඹදී සිදුවිය. සිය ආයතනයේ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයට සමගාමීව ව්‍යාපාරය ගොඩනැගීම සඳහා සහාය වූ අළෙවි නියෝජිතයින් ගනුදෙනුකරුවන් හා බෙදාහැරීමේ නියෝජිතයින් ඇගැයීම මෙන්ම රටේ අනගත දරු පරපුරට අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් වීම මෙහි අරමුණ විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ඉතාමත් කුඩා ව්‍යාපාරයක් ලෙස රත්නපුරෙන් ආරම්භ කළ ලිබර්ටි මෝටර්ස් ආයතනය පසුව කොළඹ ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිස් බවට පත්වී කෙටි කලක් තුළදී සිය ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් විශාල දියුණුවක් ලබා ඇත්තේ එම ආයතනය තමන්ගේ සේවකයන්ට හා ගනුදෙනුකරුවන්ට දක්වන ගෞරවනීය සැලකීම නිසා බවත්ය.

වසරින් වසර තම ආයතනය ලබන ලාභය ඒ හා සම්බන්ධ සියලු‍ කොටස්වලට බෙදී යන අයුරින් ඉතා ක්‍රමවත් වැඩ පිළිවෙළක් ලිබර්ටි ආයතනය සතු වීම රටටම ආදර්ශයක් බවද ඇමතිවරයා පැවසීය.

ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිස්හි සේවක හා ගනුදෙනුකරුවන්ට කෘතවේදීත්වය දක්වමින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටද රන් පවුම්, මුදල් හා වටිනා ත්‍යාග ප්‍රදානය කිරීම මෙහිදී කැපී පෙනුණි. එසේම පාසල් හා විශ්ව විද්‍යාල සිසු සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි. වාර්ෂිකව තමන් මෙවැනි කෘතවේදීත්වය පළ කිරීම හා සේවා ඇගයීම සිදුකරන්නේ තමන් ලබන දියුණුවේ සතුට ඊට දායක වන හැමෝටම ලබාදීම බව ලිබර්ටි මෝටර්ස් එන්ටප්‍රයිස් හි අධිපති ලු‍තුෆි මොහොමඩ් රිස්වාන් මහතා පැවසීය. කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජපානයේ සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයින්, හිටපු පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් යෙහියා එම් ඉෆ්ලාර් ජපානයේ හා ඉන්දීයාවේ මව් සමාගම් නියෝජිතයින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment