මත්ජාවාරමුන්ගේ මිලියන 1743 ක දේපොළ රජයට

107

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාල අපරාධකාරයන්ට අයත් රුපියල් මිලියන 1743ක දේපොළ නීති විරෝධී වත්කම් පවරා ගැනීමේ විශේෂ පොලිස් ඒකකය මගින් පසුගිය වසර 2ක කාල සීමාවේදී රජයට පවරාගෙන ඇත.

මේ අතර මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන ජාවාරම්කාරයන් සහ පාතාල අපරාධකාරයන් 1220දෙනෙකුට අයත් රුපියල් කෝටි ගණනක දේපොළ රජයට පවරා ගැනීමේ විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බව නීති විරෝධී වත්කම් පවරා ගැනීමේ ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා පවසයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණයෙන් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ පමණක් මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සතු රුපියල් ලක්‍ෂ 3447ක දේපොළ රජයට පවරාගෙන ඇත. මෙසේ පවරාගත් රථ වාහනවල වටිනාකම ලක්‍ෂ 1760ක් වන අතර නිවාස, ගොඩනැඟිලි, ඉඩකඩම් සහ හෝටල්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 1547ක් ඉක්මවන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment