නැගී එන කණ්ඩායම දෙවැනි ජයත් ලබයි

164

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ ජපාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ලකුණු 68ක ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2-0ක් ලෙස පෙරේදා (11 වැනිදා) තරගාවලියේ පෙරමුණ ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 125 ක් රැස් කළ අතර ජපාන කණ්ඩායම ලකුණු 57 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැංවීමට ශෙහාන් ප්‍රනාන්දු සහ සාහිල් ඩයස් සමත් වුණු අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ශෙහාන් ප්‍රනාන්දු පන්දු 33කදී ලකුණු 30ක් ලබා ගත්තේය.

සාහිල් ඩයස් පන්දු 24ක් තුළ ලකුණු 22ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට 4 පහර 2ක් ඇතුළත් විය. ඉම්තියාස් ස්ලාසා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 24ක් තුළ ලකුණු 27ක් ලබා ගත් අතර ඊට 4 පහර 3ක් එල්ල කළේය. පන්දු යැවීමෙන් ද දස්කම් දැක් වූ ඉම්තියාස් තරගයේ වීරයා බවට පත්වූයේය. ලකුණු 126ක ඉලක්කයක් හඹා යෑම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුණු ජපන් කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 23කට බිඳ වැටීමෙන් බලාපොරොත්තු සුන්ව ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment