බංකොලොත් මල්ල ලිහලාම බලන්න සාගර සූදානම්න්

81

රට බංකොලොත් භාවයට පත් කිරීමට ගත් තීරණය නිවැරදි ද එසේත් නැතිනම් හිතාමතා ගත් වැරදි තීරණයක්ද කියා සොයා බලා ඒ පිළිබඳව සත්‍ය තොරතුරු කඩිනමින් රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

රටේ මූල්‍ය බංකොලොත් භාවය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙස තමාට ඇති වගකීම අකුරටම ඉටුකරන බවත් ලබන සතියේ මෙම කමිටුව රැස්වී කඩිනමින් අදාළ තීරණය ගැන විමර්ශනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

අතීතයේදී රට තුළ වසර තිහක යුද්ධයක් පැවැති අවස්ථාවේදී සහ ජනතා විමුක්ති පෙරමුණ රට බංකොලොත් කිරීමට ගත් උත්සාහයේදී පවා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුනේ නැහැ යැයිද හෙතෙම කීවේය.

මෙම කමිටුවට අදාළ කරුණ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදීමට කාල සීමාවක් ලබාදී නැති මුත් ඉතා ඉක්මනින් ඒ ගැන සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීම තම අරමුණ බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment