‘පුටුව’ හැදීම කල් යයි

254

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණෙන් ගොඩනැගෙන පුළුල් සන්ධානයේ නායකත්ව මණ්ඩලය සහ නිලධාරි මණ්ඩලය පත් කිරීම කල් දමා ඇත.

පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින නිලධාරි මණ්ඩලය වෙනස් කර, ඒ වෙනුවට බිහිකරන නව සන්ධානයට නිලධාරි මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට නියමිතව තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුජන එක්සත් පෙරමුණට සම්බන්ධ පක්‍ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් නායකත්ව මණ්ඩලයක් හා නිලධාරි මණ්ඩලයක් පත්කර එමගින් එම සන්ධානයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට කැමැත්ත පළ වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් ගොඩනඟන නව සන්ධානයට සහය පළ කරන පක්‍ෂවල නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීම, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනවල විදේශ සංචාරයක නිරතවී සිටීම හේතුවෙන් මෙසේ ප්‍රමාද වී ඇති බවත් ඉතා ඉක්මනින් නිලධාරි මණ්ඩලය පත් කිරීමට සන්ධාන නායකයන් එකඟතාව පළකර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment