විධායක ජනපති ක්‍රමය අහෝසි කරනතෙක් අරගලය දිගටම

185

අරගලකරුවෝ කියති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනතුරු කොටුව ගාලුමුවදොර අරගලය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව අරගලකරුවෝ ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසූහ.

ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටා තිබූ ගෝඨා ගෝගම අරගල භූමියට පෙරේදා (20 දා) රාත්‍රි කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, මේ හේතුවෙන් එක් අයකු තුවාල ලබා ඇති බවත් ඔවුහු කියා සිටියහ.

කොටුව ගාලුමුවදොර අරගලය අද (22 දා) 105 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ. 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමට විරෝධය පළ කරමින් ගාලුමුවදොර අරගලකරවෝ පෙරේදා (20දා) පස්වරුවේ විරෝධතා පා ගමනක නිරත වූහ.

වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මෙසේ පැවසීය.

මේ අරගලකරුවෝ දිවා රෑ නොබලා මහන්සි වෙලා ක්‍රියාකාරී සැලැස්මක් හදලා කිව්වා මෙන්න සැලැස්ම මේක තමයි ක්‍රියාත්මක කරන්න ඕන වැඩේ කියලා. හෙට දවසේ ජනතාවට ජයග්‍රහණ ගෙන ඒම සඳහා අපිට තියෙන එකම උත්තරය ජනතා බලය පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ. ඒකට විරුද්ධව සටන් කරන්න ඕනේ. එයට එරෙහිව මේ අරගලය තව තවත් ඉදිරියට යනවා. කුට්ටම් සෙල්ලම් වහලා හොරු රෑන යවලයි පස්ස බලන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment