ගෑස් මිල ශත පහකින්වත් වැඩි කරන්නේ නැහැ – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

90

හරිනම් රු. 450කින් ඉහළ නැංවිය යුතුයි

මිල අඩු වැඩිවීම් අනුව ඊයේ (4 දා) දිනයේ මිල සංශෝධනයක් සිදුකළ යුතුව තිබුණත් ගෑස් මිල ශත පහකින්වත් වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (4 දා) පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඇමරිකානු ඩොලර් 87 කින් ඉහළ ගිය ද, පසුගිය මාසයේ ගෑස් ටොන් 10,000 ක ප්‍රමාණයක් වැඩියෙන් ඇණවුම් කිරීම නිසා මෙලෙස ගෑස් මිල වැඩි නොකර ජනතාවට සහනයක් ලබාදීමට හැකියාව ලැබුණු බව ද හෙතෙම කියා සිටියේය.

ගෑස් මිල වැඩි නොකිරීම තුළින් සමාගමට කිසිදු අලාභයක් සිදු නොවන බව ද හෙතෙම කීය.

මෙම වසරේ (2023) අවස්ථා 4 කදී ගෑස් මිල සංශෝධනය වූ බවත්, ඒ සෑම අවස්ථාවකදීම ගෑස් මිල අඩු කෙරුණු බවත් සභාපතිවරයා සඳහන් කළේය.

සභාපතිවරයා මෙසේද කීය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඇමරිකන් ඩොලර් 87 කින් වැඩිවෙලා. ඒ අනුව අපි රුපියල් 450 කින් ගෑස් මිල ඉහළ නැංවිය යුතුව තිබුණා. නමුත් අපි ගිය මාසයේ ගෑස් ටොන් 10,000 ක් වැඩියෙන් ඇණවුම් කිරීම නිසා මේ මාසයේ සතපහකින්වත් ගෑස් මිල වැඩි කරන්නේ නැහැ. ඒ වාසිය රටේ අහිංසක ජනතාවට ලබාදෙනවා. සමාගමක් විදියට අපි ජනතාව ගැන හිතනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment