ගලට බොරු කරලා කෝටි 55 ක පාඩුවක්

445

කළුගල් වැඩබිම්වලින් අය කළ යුතු රජයේ ගාස්තු අඩුවෙන් අය කිරීම සහ කැණීම් කරනු ලබන ගල් කියුබ් ප‍්‍රමාණය අඩුවෙන් ගණනය කිරීම නිසා 2009 වසරේ සිට 2020 දක්වා වසර 11 ක කාලය තුළ රජයට අහිමි වී ඇති මුදල රුපියල් කෝටි 55 කට අධික බව (රු. 551,305,626) ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වේ.

හම්බන්තොට, අනුරාධපුරය, වවුනියාව, කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල පිහිටි කළුගල් කැණීම් වැඩබිම් 97 කින් මෙසේ රජයට ලැබිය යුතු ආදායම අහිමි කර තිබූ බව ද විගණනය මගින් අනාවරණයකොට ඇත. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක පිහිටි කළුගල් වැඩබිම් 12 කට අදාළව රුපියල් දහනව කෝටි අසූඅට ලක්ෂ අනූඅට දහස් දෙසිය පනහක (රු.198,898,250) මුදලක් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක කළුගල් වැඩබිම් 46 කට අයත් රුපියල් විසිපන් කෝටි හතළිස් හතර ලක්ෂ අට දහස් හත්සිය හතළිස් එකක මුදලක් රජයට අහිමි කර තිබුණි. වවුනියාව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 ක කළුගල් වැඩබිම් 27 කින් රජයට ලැබිය යුතු රුපියල් අටකෝටි දොළොස් ලක්ෂ හැත්තෑඅටදහස් එකසිය අනූවක (81,278,190) මුදලක් අහිමිකොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 ක පිහිටි කළුගල් වැඩබිම් 12 කින් රජයට ලැබිය යුතු රුපියල් එක්කෝටි හැටනව ලක්ෂ හැත්තෑතුන්දහස් දෙසිය පනහක මුදලක් රාජ්‍ය ආදායමට අහිමි වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment