දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කෙටුම්පත ආණ්ඩුව හකුළා ගනී

61

ගැහැනු දරුවන් සමග ලිංගික එක්වීමකදී දඬුවම් නොපැනවීම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබූ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව ඊයේ (01 දා) කටයුතු කළේය.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ආණ්ඩුවේ කටයුතු වශයෙන් 13 වැනි යෝජනාව ලෙස සඳහන් කර තිබූ එම සංශෝධන පනත් කෙටුම්පත අණ්ඩුව ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. මෙම යෝජනාව පසුගිය කාලය පුරා සමාජයේ දැඩි කතාබහට ලක්වූ අතර බොහෝදෙනෙක් එසේ වයස අඩු කිරීමට විරෝධය පළ කළහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment