කළු දිලීර හැදුණු කොරෝනා ආසාදිතයෝ 12ක්; හරියට පාලනය නොකළොත් ඇස් නොපෙනී යන්න පුළුවන්… විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසේකර

381

මේ වන විට කළු දිලීර රෝගයට ගොදුරු වූ කොරෝනා ආසාදිතයන් දොළොස්දෙනකු මෙරටින් හදුනාගෙන තිබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී විශේෂඥ වෛද්‍යහිමාලි ජයසේකර මහත්මිය සදහන් කළාය.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඇස්පගිලස් නමැති දිලීර රෝගයට ගොදුරු වූ රෝගීන් හත්සියයකට වැඩි පිරිසක් ඉකුත් අපේ‍්‍රල් මාසයේ සිට මේ දක්වා හ`දුනාගෙන තිබෙන බව ද ඇය අනාවරණය කළාය.

එසේ ඇස්පගිලස් නමැති දිලීර රෝගයට ගොදුරු වූ කොරෝනා ආසාදිතයන් සියලූම දෙනා නියුමෝනියා තත්ත්වයෙන් වාර්තා වූ බව ද කී වෛද්‍යවරිය ඔවුන් සියලූ දෙනාම හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවලට හැකි වූ බව ද පැවසුවාය.

කළු දිලීර රෝගය වාතය මගින් නාසය හරහා ආසාදනය වන බව ද කී ඇය මුහුණේ එක් පැත්තක් ඉදිමුමට ලක්වීම, උණ, හිසරදය සහ නාසයේ මෙන්ම උඩු තල්ල ප‍්‍රදේශයේ කළු පැහැති තුවාල වැනි කැළල් මතුවීම එහි ප‍්‍රධාන රෝග ලක්‍ෂණ වන බව ද කීවාය.

මෙම තත්ත්වයේදී නිසි ප‍්‍රතිකාර මගින් රෝගය පාලනය නොකළහොත් ඇස් දක්වා එය වර්ධනය වී අවසානයේ ඇස් නොපෙනී යෑම වුද සිදුවිය හැකි බව ද එසේ ඇස් නොපෙනී ගියහොත් යළි පෙනීම ලබා ගැනීමට නොහැකි වන බව ද විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසේකර මහත්මිය පැවසුවාය.

එලෙස ඇස් ආසාදනයට ලක්වීමෙන් පසු දිලීරය මොලය දක්වා වර්ධනය වී රෝගියාගේ මරණය පවා සිදුවිය හැකි බව ද කී ඇය කළු දිලීර රෝගය දියවැඩියාව තිබෙන අයට බෝවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව ද පෙන්වා දුන්නාය.

මේ වන විට කළු දිලීර රෝගය වැලදුන බවට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් 12 දෙනාම දියවැඩියා රෝගයෙන් පෙළෙන අය බව ද ඇය වැඩිදුරටත් ස`දහන් කළාය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment