අන්තරේට කඳුළු ගෑස්: වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 ක් අත්අඩංගුවට

291

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමනට කොළඹ යුනියන් පෙදෙසේදී පොලිසිය ඊයේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනිණි. එහිදී වරෙන්තු ලැබ සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, නළුවකු වන ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඊයේ (18දා) සවස 4.20ට පමණ මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත. මර්දනය වහා නවතා අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කිරීම, බඩු මිල අඩු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ පස්වරු 3.00 ට පමණ කොළඹ ලිප්ටන් වටරවුමෙන් මෙම පා ගමන ආරම්භ කළේය.

අන්තරේට කඳුළු ගෑස්: වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 ක් අත්අඩංගුවට
අන්තරේට කඳුළු ගෑස්: වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 ක් අත්අඩංගුවට
අන්තරේට කඳුළු ගෑස්: වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 ක් අත්අඩංගුවට
අන්තරේට කඳුළු ගෑස්: වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 ක් අත්අඩංගුවට
ජෙහාන් අප්පුහාමි
අන්තරේට කඳුළු ගෑස්: වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 ක් අත්අඩංගුවට
වසන්ත මුදලිගේ

පසුව ඔවුන් පා ගමනින් පුරහල හරහා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලිසිය මාර්ග බාධක යොදා තිබූ අතර එහිදී අන්තරේ විරෝධතාකරුවන් එම බාධක පෙරළා ඉදිරියට යෑමට සූදානම් වූ අවස්ථාවේ මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත.

පා ගමන නිසා පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ද හට ගැනිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment