ආර්ථික අර්බුදය : දියවැඩියාවට – ප්‍රෙෂර්වලට 40%ක් බෙහෙත් බොන්නෙ නෑ

71

දියවැඩියාව, අධිරුධිරපීඩනය වැනි බෝ නොවන රෝගවලට ගොදුරුව සිටින පිරිස අතරින් සියයට 40%කට වැඩි පිරිසක් නිසි ලෙස එම රෝග පාලනය සඳහා ඖෂධ නොගන්නා බව අනාවරණය වී ඇත.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය නිසා ඖෂධ මිලදී ගැනීමේ දුෂ්කරතා මතුවීම බව එම රෝගීන් සඳහන් කර තිබේ. මෙම ඖෂධ වර්ගවල මිල ඉහළ ගොස් ඇති නිසා වෙනදා මෙන් මාසයකට සරිලන ඖෂධ මිලදී ගත නොහැකි බව පවසා ඇත. එබැවින් සතියකට පමණ ප්‍රමාණවත් ඖෂධ මිලදී ගෙන රෝගය නිසා යම් අපහසුතාවක් දැනෙන විට දී පමණක් එම ඖෂධ භාවිතයට යොමුවන බව මෙම රෝගීන් ප්‍රකාශ කර තිබේ. මේ අතර මෙතෙක් පෞද්ගලික වෛද්‍ය සායන වෙත ගොස් මෙම රෝග සඳහා ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගෙන් හරි අඩක් පමණ රජයේ රෝහල් හි සායන වෙත යෑමට පියවර ගෙන ඇතැයි ද අනාවරණය වී ඇත. මෙම තත්ත්වය මත රජයේ රෝහල් හි දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පිළිබඳ රෝග පරීක්‍ෂා කරන සායන වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා එවැනි සායන මගින් මෙතෙක් මාසයකට නිකුත් කළ ඖෂධ සති දෙකකට පමණක් ලබාදීමට කටයුතු කරන බව ද රෝගීහු සඳහන් කරති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment