කැබිනට් අනුමැතියකින් විදුලි බිල නග්ගන්න සියලු පාර්ශ්ව කැඳවයි

198

කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා සියලු පාර්ශ්ව ලබන අඟහරුවාදා (24 වැනිදා) ජාතික සභාව වෙත නැවත කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික සභාව කථානායක මගින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් (19) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ආ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉක්මනින් තීරණයක් ලබාදීම සිදු කළ යුතු බව මෙහි දී විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීහු පැවසූහ.

කැබිනට් අනුමැතියකින් විදුලි බිල නග්ගන්න සියලු පාර්ශ්ව කැඳවයි

නමුත් මෙහි දී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ පළමුව අවශ්‍ය ගණනය කිරීම් අවසන් කළ යුතු බවයි.

මේ අනුව මෙහි දී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවයි. එබැවින් එම සාකච්ඡාවන් සිදු කොට ලබන 24 දින නැවත මෙම සියලු පාර්ශ්ව ජාතික සභාව වෙත කැඳවීමට මෙහි දී තීරණය කෙරිණි.

මේ සඳහා අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, කංචන විජේසේකර, නසීර් අහමඩ් රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක, (නීතීඥ) සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාඨලී චම්පික රණවක සහ ඒ. එල්. එම්. අතාඋල්ලා යන මහත්වරු සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment